ලෝක මව්වරුන්ගේ දිනය අදට (10) යෙදී ඇත.
සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබයි.
මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ඇනා ජාවිස් (Anna Jarvis) නම් කාන්තාවයි. තම මව වන ඈන් රීවිස් ජාවිස් ඇතුළු ලොව සියලු මව්වරුන්ට උපහාර පිදීම ඇයගේ අරමුණ විය.
1914 වසරේදී එවකට ඇමරිකානු ජනාධිපති වූ වුඩ්රෝ විල්සන් විසින් මැයි මාසයේ දෙවන ඉරිදා දිනය මව්වරුන්ගේ දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී
අම්මාගේ ගුණාංග සිහිපත් කිරීම, ඇයට ආදරය හා කෘතඥතාව පළ කිරීම සඳහා දරුවන් මෙම දිනය යොදා ගනී.