ඌවපරණගම ප්රාදේශීය ලේකම් බලප්රදේශයට අයත් බොඹුරුඇල්ල සංචාරක කලාපයේ ස්ථාපිත සංචාරක තොරතුරු මධ්යස්ථානය සහ අත්කම් නිර්මාණ ඒකකය විවෘත කිරීම පසුගියදා (05) ඌවපරණගම ප්රාදේශීය සභා සභාපති ජිනදාස රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණ.
ඌවපරණගම ප්රාදේශීය ලේකම් බලප්රදේශයේ සංචාරක ස්ථාන 30 කට ආසන්න ප්රමාණයක් දැනට හදුනාගෙන ඇති අතර එම ස්ථානවලට ප්රවේශ වීම සඳහා සහ එම ස්ථාන පිළිබඳව අවශ්ය තොරතුරු ලබාගැනීමට මෙමගින් හැකියාව ලැබේ.