නොර්වුඩ් පොලිස් වසමේ හළුවැල්ල ප්‍රදේශයේදී නොර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) දහවල් සිදු කළ වැටලීමකින් බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 07 දෙනෙකු මැණික් ගැරීමට යොදාගත් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් අවුරුදු 24 ත් 43 ත් අතර වයස්වල පසු වන නොර්වුඩ් හා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
නොර්වුඩ් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි