Sunday, April 26, 2026
Follow Us
මත්ද්‍රව්‍ය, ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ 6ක් අත්අඩංගුවට
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  රත්මලාන හා ඉඹුල්ගොඩ ප්රදේශවලදී ලද තොරතුරු මත ඊයේ (25) රාත්‍රියේ වැටලීමක් සිදුකර තිබේ.
 
එහිදීෟ අයිස් මත්ද්රව්ය ග්රෑම් 91 මිලිග්රෑම් 200ක්, ව්යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු 02ක් හා ව්යාජ රුපියල් 2,000 මුදල් නෝට්ටු 21 ක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවටගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.
 
සැකකරුවන් අවුරුදු 25, 29, 30, 32, 35 හා 52 වයස්වල පසුවන ඉඹුල්ගොඩ, දෙහිපිටිය, පැලෑඳ හා රත්මලාන ප්රදේශවල පදිංචිකරුවන් වේ. ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.