මේ දිනවල පවතින අධික උණුසුම, නිවසේ ඇති කරන සුරතල් සතුන්ට මාරාන්තික තත්ත්වයක් ඇති කිරීමට බලපා හැකි බව පශු වෛද්‍ය සෝබාත් විජයරත්න මහතා පවසයි.
අධික උණුසුමත් සමඟ සතුන්ගේ සිරුරේ ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් පාලනයකර ගැනීමට නොහැති වී ඔවුන් මිය යාමට වැඩි ඉඩකඩක් පවතින බව වෛද්‍යවරයා පැහැදිලි කළේය.
විශේෂයෙන්ම කළු පැහැති සුනඛයිනට සහ බලලුන්ට අධික උණුසුම මාරන්තික විය හැකි බව අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
කූඩුවල සිටින සුතුන්ගේ රත්වීම වැළැක්වීම සඳහා වහල ආවරණ යෙදිය යුතු බවත් කිලෝ 40ට වැඩි බර සතුන් අනිවර්යෙන් අව්වේ නොතිබිය යුතු බවත් වෛද්‍ය විජයරත්න මහතා පැහැදිලි කළේය.
"පූසන්ට බලපාන අකාරය ගත්තොත් විශේෂයෙන්ම දවල් 12න් පස්සේ සවස 3 අතර කාලය තුළ එළිමහනේ රැගෙන යන එනෙක් වළකින්න ඕනේ. එවගේම සතුන්ව වාහනය අස්සේ දාලා ෂොපිං යනවා. ඒක හොඳම නැති දෙයක්. විශේෂයෙන්ම කළු පැහැති බල්ලන් අපි රැගෙන නොයා යුතුමයි. උදේ 11 සිට සවස 3 පමණ දක්වා කාලය තුළ පැයක් අපි වාහනයෙන් ගමන් කලත් සත්ත්වයා රෝගී තත්ත්වයට පත්වෙලා පාලනය කරගන්න බැරි තත්ත්වයට ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙලා මරණයට පත් වෙන්න පුළුවන්."
සතුන් ඉන්න තැන්වල අනිවාර්යෙන් ම වතුර හා අයිස් කැට තැබීම ඉතා වැදගත් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.