Monday, March 30, 2026
Follow Us
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ගණේමුල්ල පොලිස් වසමේ අන්තෝනි මාවතට හැරෙන හන්දිය අසල මාර්ග බාධක රාජකාරි යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා  ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) සැකකටයුතු යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී යතුරු පැදිකරු සහ පසුපැදිකරු සන්කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 470 ක් සහ හෙරොයින් ග්‍රෑම් 230 ක්  සොයාගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා යතුරු පැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන ගණේමුල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 25 සහ 26 වයස්වල පසුවන බොල්ලත, ගණේමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ගණේමුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.