Sunday, March 29, 2026
Follow Us
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් මාර්තු 30 දක්වා බන්ධනාගාර ගත කෙරේ
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා කුරුණෑගල පිලැස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාර්තු 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
 
නීති විරෝධි ලෙස එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වලාන මධ්යම දුෂණ මර්ධන ප්රහාර ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
අනතුරුව ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද සිදු කෙරිණි.