Saturday, March 21, 2026
Follow Us
“ලෝක වනා­න්තර දිනය අදයි”
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින ජාත්යන්තර වනාන්තර දිනය ලෙස මාර්තු 21 වන දිනය ප්රකාශයට පත් කරනු ලැබුවා.

 

ඒ අනුව 2013 වර්ෂයේ සිට ජාත්යන්තරව මෙම දිනය සමරනු ලබන අතර, ශ්රී ලංකාව 2014 සිට මෙම දිනය සමරනු ලබයි.
මෙවර එහි තේමාව වන්නෙ “වනාන්තර සහ ආර්ථිකය” යන්නයි. රතු ඉන්දියානු නායක සියැටල් මෙලෙස ප්රකාශයක් සිදු කර ඇත.
 
“අප පෘථිවියේ කොටසකි. පෘථිවිය අපේ කොටසකි. සුවඳැති මල් අපගේ සොයුරියෝ වෙති. මුව පොව්වෝ, රාජාලියෝ හා අශ්වයෝත් අපගේ සොහොයුරෝ වෙති. ගිරි මුදුන්වල සිට තණබිම් වනාන්තර අතරින් ගලා බස්නා දිය දහරා ද අශ්වයාගේ සහ මිනිස් සිරුරේ උණුසුම ද යන මේ හැම දේ එකම පවුලක සාමාජිකයන්ය.” වනාන්තරත්, අපිත්, මේ මුළු පරිසරයමත් එකම පවුලක් මිසක් අපිට වෙන් වෙන්ව ජීවත් වෙන්න හැකියාවක් නැත”.
 
2026 වනාන්තර දිනයට සමගාමිව වනාන්තර රක්ෂිතකර ආරක්ෂා කිරීමේ ජාතික වැඩසටහන වන “වනස්පති”යටතේ වනාන්තර 50 ක් රක්ෂිත ලෙස ප්රකාශයට පත්කිරීමට නියමිතය.පසුගිය වසරේදි (2025) ආරම්භ කරන ලද වනස්පති වැඩසටහන යටතේ ලංකාවේ දෙවැනියට විශාලතම වනාන්තරය වන “නිල්ගල හා තවත් වනාන්තර 29ක්” ආරක්ෂිත වනාන්තර ලෙස ගැසට් කරන ලදී.
 
ඒ අනුව තවත් සැමරුම් දිනයක් වෙනුවට සියවස් ගණනාවකට මිහිතලය සුරක්ෂිත වීම පිණිස නීතිමය රැකවරණය ලබා දීම මෙවර වනාන්තර දිනය සමරනු ලබන අද දිනයේ (21) සුවිශේෂි කරුණක් ලෙස දැක්විය හැකිය.ජාතික ජනබලවේග රජයේ පොහොසත් රටක් - ලස්සන ජිවිතයක් ප්රතිපත්ති මාලාව තුල සොබාමත් ශ්රී ලංකාවක් යටතේ, තිරසර ජෛව ලෝකයක් - සදාහරිත ජිවිතයක් තේමාවේන් මෙරට පරිසර පද්ධතිය සුරක්ෂිත කිරීම සදහා කර තිබෙන යෝජනාවන් තුලද වනාන්තර ඝනත්වය සහ ප්රමාණය වැඩි කිරීමටද යෝජනා ඉදිරිපත් කර ඇත.
 
ලෝකයේ මෙන්ම දේශීයව ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදි වනාන්තර ආරක්ෂා කිරීම සහ මතු පරම්පරාවට රැක ගැනිමේ අවශ්යතාවය මෙවර වනාන්තර දින තේමාවෙන් අවධානයට යොමු විය.