දෙස් විදෙස් කලාකරුවන්ගේ නිර්මාණ රැසකින් සමන්විත මාතර කලා උළෙලේ (Matara Festival for the Arts) සමාරම්භක ඊයේ (19) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මාතර කොටුව පැරණි මහාධිකරණ පරිශ්‍රයේදී පැවැත්විණි.
මාතර පැරණි මහාධිකරණ පරිශ්‍රය සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම කලා උළෙල , පෙබරවාරි 20 සිට 23 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී. මෙහිදී දෘශ්‍ය කලා ප්‍රදර්ශන, කෙටි චිත්‍රපට ප්‍රදර්ශන, කලා පොළ සහ ප්‍රවීණයන් මෙහෙයවන ප්‍රායෝගික වැඩමුළු ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය ඇතුළු කලාකරුවන්, ආරාධිත අමුත්තන් සහ පාසල් දරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.