Friday, February 20, 2026
Follow Us
'ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේ
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්රතිසංස්කරණය කර බැතිමතුන්ගේ වන්දමාන සහ ආගමික කටයුතු සඳහා ලබා දීම වෙනුවෙන්, රජය ක්රියාත්මක කරන ‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන යටතේ ඊයේ (19) හගුරන්කෙත හීල්පැන්කදුර ශ්රී ගංගාරාමය විහාරයේ ප්රතිසංස්කරණ කටයුතු බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය

 

ආපදා තත්ත්වය හමුවේ ආගමික, සංස්කෘතික සහ පුරාවිද්යාත්මක ස්ථාන දහසකට අධික වූ ප්රමාණයකට හානි සිදුව ඇති අතර එම ස්ථානවල සිදු කළ යුතු ප්රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවති තත්ත්වයට පත් කිරීමටත්, එම සියලු ප්රතිසංස්කරණ කටයුතු අදාළ ස්ථානවල පෞරාණික අගය ආරක්ෂා කර ගනිමින් ගෞරවනීය මහා සංඝරත්නයේ සහ සෙසු ආගමික නායකයන්ගේ මඟපෙන්වීම යටතේ, සියලු පාර්ශ්වයන්හි දායකත්වය ලබා ගනිමින් සිදු කිරීම වෙනුවෙන් ‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ.