බෙදුම්වාදයට හා බෙදුම්වාදී බලවේගවලට එරෙහිව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට බලකරමින් මහජන පෙත්සමකට අත්සන් ගැනීම අද (19) ආරම්භ වී තිබේ.
එම මහජන පෙත්සමට අත්සන් ගැනීම පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී අද උදෑසන ආරම්භ වූ බවයි වාර්තා වන්නේ.
ඒ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමිගේ මූලිකත්වයෙන්.
මෙම අවස්ථාවට ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතුළු ජාතික සංවිධාන 60ක සාමාජිකයින් ද සහභාගි වී සිටියා.
මෙම මහජන පෙත්සම ජනාධිපතිවරයාට භාරදීමට නියමිතයි.
මේ අතර වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මහා සඟ සමුළුව හෙට පස්වරු 2ට කොළඹ බෞද්ධ මහා සම්මේලනයේදී ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.