Wednesday, October 07, 2026
Follow Us
සෞදියෙන් රටඉඳි මෙට්‍රික් ටොන් 50 ක පරිත්‍යාගයක්
රමළාන් මාසය නිමිත්තෙන් සවුදි අරාබි රාජධානිය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද රටඉඳි මෙට්‍රික් ටොන් 50 ක් නිල වශයෙන් භාරදීමේ උත්සවය, ශ්‍රී ලංකාවේ සවුදි තානාපති කාලිද් බින් හමුද් අල්-කහ්තානි මහතාගේ මුලිකත්වයෙන් පසුගියදා කොළඹ පිහිටි සවුදි තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

 

මෙම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද එක්ව සිටියේය.
 
මෙම රටඉඳි තොගය දිවයින පුරා විසිරී ඇති මුස්ලිම් දේවස්ථාන හරහා අවශ්‍යතා සහිත පවුල් වෙත බෙදා හැරීමට නියමිතයි.