Thursday, February 19, 2026
Follow Us
T20 ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා හා සිම්බාබ් තරගය අද
ලෝක කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්රී ලංකාව සහභාගිවන අවසන් තරගය අද (19)  සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත් වේ. තරගය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
 
තරගාවලියේ ඉදිරි තරග සඳහා වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මධුශංක ශ්රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙන අතර අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ තරගාවලි තාක්ෂණික කමිටුව ඊට අනුමැතිය ලබාදී තිබේ.
 
ඩිල්ෂාන් මධුශංක කණ්ඩායමට කැඳවා ඇත්තේ ඕස්ට්රේලියාව සමග පැවති තරගයේදි ආබාධයට ලක්වු වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ වෙනුවටයි. මෙවර තරගාවලියේදි ශ්රි ලංකා කණ්ඩායමෙන් ඉවත් කෙරුණූ දෙවැනි ක්රීඩකයා වන්නේ මතීෂ පතිරණයි.
ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් 20-20 ලෝක කුසලානයකදී තරග වදින්නේ තුන්වැනි වරටයි. මීට පෙර පැවති තරග දෙකෙන්ම ශ්රී ලංකාව ජය වාර්තා කළේය.