Wednesday, February 18, 2026
Follow Us
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

 රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළ බව වාර්තා වෙයි.

ඒ අනුව සැකකරු රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.

2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේය.