Monday, February 16, 2026
Follow Us
ප්‍රජා ශක්ති වැඩසටහන තුළින් ජන සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයක් හඳුන්වා දී ති‌බෙනවා - අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා
ප්රජා ශක්ති වැඩසටහන තුළින් ජන සහභාගිත්ව සංවර්ධන ප්රවේශයක් හඳුන්වාදී තිබෙන බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.

 

අමාත්යවරයා මේ බව සඳහන් කළේ ප්රජා ශක්ති - දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව පසුගියදා පොළොන්නරුව, නව නගර පුලතිසි චන්ද්රමණ්ඩප ශාලාවේදී පැවති ප්රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනේදීය.
 
මෙහිදී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජනතාවට උරුමකර දීමේ සංවර්ධන ක්රියාවලියට ප්රජා සංවර්ධන නියෝජිතයන්ගේ වගකීම හා කාර්යභාරය පිළිබඳව දැනුවත්
කෙරිණි.
 
විශේෂයෙන් ග්රාමීය සංවර්ධන ක්රියාවලිය විධිමත් කිරීම හා වේගවත් කිරීම සඳහා ප්රජා සංවර්ධන සභාවට විශේෂ වගකීමක් පැවරෙන බව අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
 
එමෙන්ම ග්රාමීය ආර්ථිකය ප්රසාරණය කිරීම සඳහා නිෂ්පාදනය ඉහළ දැමිය යුතු බවත් ඒ තුළින් සංවර්ධන ඉලක්ක ජයග්රහණය කිරීමත්, දිළිඳුකම තුරන් කිරීමටත හැකියාව ලැබෙන බවත් අමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.