වසර දහයකට අධික කාලයක් භාවිතයෙන් ඉවත්කර තිබූ මීගමුව දිස්ත්රික් මහා රෝහලේ ශල්යාගාර සංකීර්ණය ප්රතිසංස්කරණය කර නව උපකරණ ද සමඟ ජනතා අයිතියට පත් කිරීම ඊයේ (14) ) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
මීගමුව දිස්ත්රික් මහ රෝහලේ 2000 වර්ෂයේ දී ඉදිකළ අටමහල් ගොඩනැගිලි සංකීර්ණයේ 7 වන මහලේ ස්ථාපනය කර ඇති මෙම ශල්යාගාර සංකීර්ණය ජලය කාන්දුවීම හා විවිධ තාක්ෂණික ගැටලු හේතුවෙන් 2015 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම ශල්යාගාර සංකීර්ණය නැවත ප්රතිසංස්කරණය කිරීම සඳහා අධික මුදලක් ඇස්තමේන්තුගත කිරීම හා විවිධ හේතූන් නිසා මෙහි ප්රතිසංස්කරණ ප්රමාද වී ඇත.
මෙරට රෝහල් පද්ධතියේ භෞතික සම්පත් සංවර්ධනයට ගෙනයන වැඩපිළිවෙළ යටතේ රජයේ අරමුදල් හරහා වෙන් කරන ලද රුපියල් මිලියන 70 ක මූල්ය පිරිවැයක් යටතේ මෙම ශල්යාගාර සංකීර්ණය නවීකරණය කර ඇත. ප්රදේශයේ පරිත්යාගශීලීන්ගෙන් ලැබුණු රුපියල් මිලියන 30 ක පමණ මුදලක් ද මෙම නවීකරණය කරන ලද ශල්යාගාර සංකීර්ණයට අවශ්ය උපකරණ ලබා ගැනීම සදහා වැය කර තිබේ.
ශල්යාගාර සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව රෝහලේ විශේෂ නිරීක්ෂණයකද නිරත වූ අමාත්යවරයා රෝහලේ පවතින කාලීන ගැටලු පිළිබඳව කරුණු සාකච්ඡා කොට විසඳුම් ලබා දීමටද පියවර ගත්තේය.