කළුතර - උතුර මාඩිය මංකඩ ප්‍රදේශයේ අද (14) සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබෙන බව වාර්තා වෙයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ඉන් බරපතළ තුවාල ලැබූ 32 හැවිරිදි මෙම පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව වාර්තා වේ.
එසේම කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ අද (14) රාත්‍රී වෙරළබඩ පොලිස් වසමේ වරකාහන්දිය ආසන්නයේ බාබර් සාප්පුවක් (සැලූන්) තුළ සිටි පුද්ගයින් කිහිප දෙනෙකුට නාඳුනන වෙඩික්කරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් සිව් දෙනෙකු පමණ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
තුවාලකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරන අතර වෙඩි තැබීම ටී- 56 ගිනි අවියක් භාවිත කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී ආවරණය වී ඇත.
මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.