Tuesday, February 10, 2026
Follow Us
සර්වඥ ධාතු වන්දනාවට අද රාත්‍රී 10ට පෙර පෝලිමට එන්න

කොළඹ හුණු­පි­ටිය ගංගා­රාම විහා­ර­ස්ථා­නයේ පැවැ­ත්වෙන දෙව්නි මෝරි සර්වඥ ධාතු ප්‍රද­ර්ශ­නය හෙට (11) පෙර­වරු 6.00න් අව­සන් කර නැවත ඉන්දි­යාව බලා වැඩම කර­වී­මට නියමිත බැවින් අද (10) රාත්‍රී 10.00න් පසුව පෝලින්වලට එක්වීමෙන් වළකින ලෙස ගංගා­රාම විහා­රා­ධි­පති ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ බැති­ම­තු­න්ගෙන් ඉල්ලා සිටි­යහ.

හෙට (11) පෙර­වරු 6.00ට ධාතූන් වහ­න්සේලා මේ පුද­බි­මෙන් නැවත ඉන්දි­යාව බලා වැඩම කර­වී­මට නිය­මි­ත අතර වැඩි වැඩි­යෙන් ජන­තාව ඒක­රාශී වුණොත් එම පිරිසට ධාතූන් වහන්සේ වන්දනා කර ගැනී­මට ඉඩ­හ­සර ලබා­දී­මට නොහැකි වීමට ඉඩ ඇති බව ද උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.