මෙරට මලයගම් ප්‍රජාවගේ දිරාපත්වුණු පේළි නිවාස අලුත් වැඩියා කිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ අටසිය විසිපහක (රු.82,566,020.00) වටිනාකමින් යුතු සෙවිලි තහඩු ප්‍රමාණයක් ලබා දීමට පියවර ගෙන ඇත.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මැදිහත් වීම මත සිදු කෙරෙන මෙම ක්‍රියාවලියේදී මලයගම් ප්‍රජාවගේ අලුත්වැඩියා විය යුතු සියලු නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කෙරෙනු ඇත.
ඒ අනුව වැවිලි අමාත්‍යාංශය මගින් ලක්ෂ අටසිය විසිපහක පමණ මුදලක් වැය කර අබලන් වූ පේළි නිවාස අලුත් වැඩියා කිරීමට අවශ්‍ය සෙවිලි තහඩු අදාළ වතුවලට මේ වන විටත් යවා ඇති අතර එම පේළි නිවාසය අයත් වතු සමාගම මගින් අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය යොදාගෙන අදාළ දිරාපත් වූ පේළි නිවාස අලුත්වැඩියා කිරීමට සැලසුම් කර තිබේ.