Saturday, January 31, 2026
Follow Us
පිඹුර අගලවත්ත මුලික රෝහලේ සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට

කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර, අගලවත්ත මුලික රෝහලේ සංවර්ධන කටයුතු කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් ඊයේ (30) සිදු කෙරිණි.

රෝහලේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් ජනතා අයිතියට පත් කළ සංවර්ධන ව්‍යාපෘති අතර මුලික ප්‍රතිකාර ඒකකය වාට්ටු සංකීරණයට සම්බන්ධ කරන ප්‍රධාන කොරිඩෝව සහ ලේඛණාගාරය ප්‍රධාන වූ අතර, මීට අමතරව අභිනව ව්‍යාපෘති ලෙස රෝහලේ ප්‍රධාන පිවිසුම හා ආරක්ෂක කුටිය ඇතුළු  ඉදිකීරීම් කිහිපයක් විය. අළුත්වැඩියා කරන ලද වෛද්‍ය අධිකාරි නිල නිවස සහ වතුර මෝටර් කාමරය ද සේවා සඳහා ඊයේ දින සිට  යොදා ගැනීමට නියමිතය.

ජනතා අයිතියට පත් කළ සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ද මෙහීදී ලක් වු අතර බුලත්සිංහල, අගලවත්ත සහ පාලින්දනුවර 162,470 ක ජනතාවකට සෞඛ්‍ය සේවා සත්කාර සපයනු ලබන පිඹුර, අගලවත්ත මුලික රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක වන ආකාරයත්, ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ  ඉදිරි සැලසුම් පිළිබඳවත් රෝහල් වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ඩී.ඒ.ආර්.කේ දිල්රුක්ෂි මහත්මිය අමාත්‍යවරයා දැනුවත් කිරීමට මෙහිදී කටයුතු කරන ලදි.