මෙවර ලෝක තෙත්බිම් දින ජාතික උත්සවය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්රධානත්වයෙන් 2026 පෙබරවාරි 02 වැනි දින බත්තරමුල්ල “අපේගම” පරිශ්රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව මධ්යම පරිසර අධිකාරිය “ලෝක තෙත්බිම්” දින ජාතික උත්සවය සංවිධාන කරයි.
පෙබරවාරි මස දෙවැනි දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනයේ මෙවර තේමාව වන්නේ “තෙත්බිම් සහ සාම්ප්රදායික දැනුම සබැඳුණු සංස්කෘතික උරුමය සමරමු” යන්නයි. මෙම තේමාවට අදාළව මහජනතාවගේ අවධානය තෙත්බිම් රැකගැනීම සඳහා යොමුකිරීමේ අරමුණින්, ලෝක තෙත්බිම් දින ජාතික උත්සවයට සමගාමීව මධ්යම පරිසර අධිකාරිය වැඩසටහන් රැසක් සංවිධාන කර ඇත.
ඒ අනුව, ලෝක තෙත්බිම් දිනය සැමරීමේ ජාතික වැඩසටහන පවත්වන දිනයේ (පෙබරවාරි 02) මධ්යම පරිසර අධිකාරියේ සිට බත්තරමුල්ල “අපේගම” පරිශ්රය දක්වා පාසල් සිසු සිසුවියන්, ගුරුමහත්ම මහත්මීන්, විශ්වවිද්යාල සිසු සිසුවියන් සහ “ඉන්ටර්නැශනල් ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් සයන්ස්” හි (International Institute of Health Science - IIHS) සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පාගමනක් මධ්යම පරිසර අධිකාරිය විසින් සංවිධාන කරනු ලැබ ඇත. තෙත්බිම් රැකගැනීමේ වැදගත්කම පිළිබඳ මහජනතාවගේ අවධානය යොමුකිරීම මෙහි අරමුණයි. එලෙසම, මෙම පාගමන ගමන්ගන්නා මාර්ගයේ ස්ථාන කිහිපයක දී තෙත්බිම් සම්බන්ධයෙන් නිර්මාණය කෙරුණු වීදි නාට්යයක් ද රඟ දැක්වීමට නියමිතය.
තෙත්බිම්වල වැදගත්කම, තෙත්බිම් සංරක්ෂණය සහ තෙත්බිම්හි තිරසාර භාවිතය පිළිබඳව පාසල් සිසුන්ගේ සහ මහජනතාවගේ දැනුම ආකල්ප වර්ධනය කිරීම අරමුණු කරගෙන මෙවර ලෝක තෙත්බිම් දිනයේ තේමාව යටතේ පාසල් සහ විවෘත යන අංශ දෙක සඳහා දීප ව්යාප්ත චිත්ර තරඟයක් පවත්වන ලදී. මෙහි ජයග්රාහකයින් සඳහා ත්යාග සහ සහතිකපත් ප්රදානය තෙත්බිම් දින ජාතික උත්සවයේ දී සිදුකිරීමට නියමිතය.
උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්රික්කයේ, කැබිතිගොල්ලෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෝනමැරියාව ග්රාම නිලධාරී වසමේ වේරගම රාජමහා විහාර භූමියට අයත් “ගෝනමැරියාව දිය උල්පත හා ආශ්රිත පරිසර පද්ධතිය” 2000 අංක 53 සහ 1988 අංක 56 දරන පනත්වලින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ ප්රතිපාදන යටතේ පාරිසරික ආරක්ෂණ ප්රදේශයක් ලෙස ගැසට් පත්රයක් මගින් ප්රකාශයට පත් කිරීම ද තෙත්බිම් දින ජාතික උත්සවයේ දී සිදුකිරීමට නියමිතය.
දියඇලි තිරසර සහ ඥානාන්විත භාවිතය උදෙසා මධ්යම පරිසර අධිකාරිය විසින් සම්පාදනය කරන ලද මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීම ද තෙත්බිම් දින ජාතික උත්සවයේ දී සිදුකිරීමට කටයුතු යොදා ඇත.
තවද, මධ්යම පරිසර අධිකාරිය විසින් ප්රකාශයට පත් කරනු ලබන “තෙත්බිම් ශ්රී ලංකා” සඟරාවේ සයවන වෙළුම එළිදැක්වීම මෙම උත්සවයේ දී සිදුකරයි. තෙත්බිම් ආශ්රිතව සිදුකරන ලද පර්යේෂණ හා විද්යාත්මක අධ්යයනයන් ඇසුරෙන් ලබාගන්නා ලද තොරතුරු ජනගත කිරීම අරමුණු කරගෙන තෙත්බිම් ශ්රී ලංකා සඟරාව පළකරනු ලබයි.
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්රධානත්වයෙන් 2026 පෙබරවාරී මස 02 වන දින පෙරවරු 8.30 සිට පෙරවරු 11.30 දක්වා පැවැත්වීමට නියමිත තෙත්බිම් දින ජාතික උත්සවය සඳහා පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා, පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතා, අධ්යාපන නියෝජ්ය අමාත්ය ආචාර්ය මධුරසිංහ සෙනෙවිරත්න මහතා, පරිසර අමාත්යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා ඇතුළු නිලධාරීන්, අමාත්යංශ ලේකම්වරු සහ රාජ්ය ආයතන ප්රධානීන්, මධ්යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, මධ්යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්. එස්. එල්. ආර්. පී. මාරසිංහ මහතා ඇතුළු නිලධාරීන්, පාසල් සිසු සිසුවියන් සහ විශ්වවිද්යාල සිසු සිසුවියන් සහභාගීවීමට නියමිතය.