Saturday, January 31, 2026
Follow Us
විවාහක රූ රැජින 2026 තරගයේ තෙවන ස්ථානය සබීනා යූසාෆ් ට

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්වල පැවැති ලෝක විවාහක රූ රැජින 2026 තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසාෆ් හිමිකර ගෙන තිබේ.

රටවල් 60කින් මේ සඳහා තරගකාරියන් ඉදිරිපත් වී ඇති අතර සබීනා පළමු 20 දෙනොගේ වටයට තේරී පත්විය.එසේම ඇය Mrs Photogenic සම්මානයද මෙවර තරගයේදී දිනා ගෙන තිබේ.
මෙම තරගයෙන් ජයග්‍රහණය කර ඇත්තේ තායිලන්තය නියෝජනය කළ චනිටා සීඩාකෙට් ක්‍රේත්‍රෝන් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කළ පේජ් එවින්ග් වේ.