2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) සිදු කෙරේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට අදාළ විෂය මලාව මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රධානත්වයෙන් පැවැත්වේ.