පසුගිය සමයේ දිවයිනට බල පෑ 'දිත්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් හටගත් අධික ගංවතුර තත්ත්වය හමුවේ මුලතිව්, නයාරු පාලම සම්පූර්ණයෙන්ම විනාශ විය. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් එම පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට එහි ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබේ.
මෙම පාලම කඩාවැටීම හේතුවෙන් මුලතිව්–වැලිඔය, මුලතිව්–ත්‍රිකුණාමලය සහ මුලතිව්–කොක්කිලායි යන ප්‍රධාන මාර්ගවල වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල විය. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයට පත් වූ අතර, මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජිවත් වන ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්විය.
මෙම සිදුවීම හමුවේ ක්ෂණිකව ඊට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ සාමාජිකයන් ඉතා අසීරු කාලගුණික හා ප්‍රසම්පාදන තත්ත්වයන් යටතේ වුවද පාලම් ප්‍රතිසංස්කරණ සහ ඉදිකිරීමේ කටයුතු සිදු කරන ලදි. ඒ අනුව, පාලම හරහා ගමනාගමනය ආරක්‍ෂිත බව තහවුරු කිරීම සඳහා අඩි 120ක් දිගින් සහ මංතිරු දෙකකින් යුත් Compact 100 වර්ගයේ බර වැඩ පාලමක් එහි ස්ථාපනය කෙරිණි.
යුද හමුදාව විසින් සිදු කරන ලද මෙම කඩිනම් මැදිහත්වීම හරහා දිවයිනේ උතුරු ප්‍රදේශයේ ගමනාගමන කටයුතු යළි ස්ථාපිත කර ඇති අතර, එය ප්‍රදේශවාසින්ට හා එම ප්‍රදේශය හරහා ගමනාගමන කටයුතු සඳහා විශාල සහනයක් වී තිබේ.