Sunday, February 08, 2026
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ නව ගෘහස්ථ පුහුණු සංකීර්ණය විවෘත කරයි
​ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ඊයේ (15දා) ජාතික ඉහළ කාර්ය සාධන මධ්යස්ථානයේ නව ගෘහස්ථ පුහුණු සංකීර්ණය විවෘත කළේය.

 

එය නවීන පහසුකම්වලින් සමන්විත ගෘහස්ථ පුහුණු ක්රීඩා ගාරයක් වන අතර, මෙම ක්රීඩාගාරය ​ජාත්යන්තර ප්රමිතීන්ට අනුව ඉදිකර ඇත.
මෙම ක්රීඩා සංකීර්ණය අති නවීන කඩුලු හතකින් යුත් ගෘහස්ථ ක්රිකට් තණ තීරුවලින් සමන්විත වේ. එහි දඟ පන්දු යැවීම සඳහා කඩුලු දෙකකුත්, වේග පන්දු යැවීම සඳහා කඩුලු දෙකකුත් සහ සාමාන්ය භාවිතය සඳහා කඩුලු තුනකුත් ඇතුළත් ය.
 
​තවද විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ අඛණ්ඩ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට සැලසුම් කර ඇති මෙම ගෘහස්ථ පුහුණු සංකීර්ණය, ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, 'ඒ' කණ්ඩායම්, වයස අවුරුදු 19න්, 17න් සහ 15න් පහළ ජාතික සංචිත නියෝජනය කරන ක්රීඩක ක්රීඩිකාවන් සඳහා භාවිතා කිරීමට සැලසුම් කර ඇත.
 
​මෙම ගෘහස්ථ පුහුණු සංකීර්ණය ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වාගේ ආරාධනයෙන්, තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය, සුනිල් කුමාර ගමගේ සහ ක්රීඩා නියෝජ්ය අමාත්ය සුගත් තිලකරත්න සහභාගීත්වයෙන් විවෘත කෙරුණි.