"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ මහිම ඌවපරණගම ඌමා ඇල අමුණ ව්‍යාපෘතිය
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ඌමාඇල අමුණ පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් විනාශයට ලක්වූ අතර එය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණෙමින් පවති.
වර්ෂ 1856 දි ආරම්භ වූ මෙම ඌමා ඇල ව්‍යාපෘතිය මගින් උඩරට එළවලු වගාවට 65% ක පමන දායකත්වයක් ලබා දෙන වාරි ව්‍යාපෘතියක් ලෙස මෙම ඌමා ඇළ අමුණ සලකන්න පුලුවන්. මෙම ව්‍යාපෘතිය කිලෝමීටර 17 ක් පමණ දීර්ඝ වන අතර ගොවි පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක් සිය ගොවිතැන් කටයුතු සිදු කරනු ලබයි.
බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුමට අනුව හානියට පත්වු ඌමාඇල අමුණ ප්‍රතිසංස්කරණ කිරිම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිළධාරින් හා ප්‍රාදේශිය ඉන්ජිනේරු අධීක්ෂණය යටතේ යුධ හමුදාව, මහා සංඝ රත්නය, ප්‍රාදේශිය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් ඇතුලු පිරිසක් විසින් මහා පරිශ්‍රමයකින් යුතුව එම කටයුතු සිදු කරමින් හැකි ඉක්මනින් ගොවි ජනතාව වෙත දියවර මුදා හැරිමට කටයුතු සිදු කරයි.
ඊයේ (13) දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බන්ඩාර මහතා විසින් ඌවපරණගම ඌමාඇල වාරිව්‍යාපෘතියේ ගැටහවුල්පත අසන්නයේ ඇලබැම්ම හා ඌමා ඇල අමුණ ප්‍රදේශ නිරික්ෂණය කිරිමද මෙම අවස්ථාවේදි සිදු විය.