රට තුළ පැවති ආර්ථික අභියෝගයන් හේතුවෙන් 2019 සිට පාසල් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු වුනේ නැති එබැවින් පාසල් යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් මිලියන 10,000 කට වඩා දැනටමත් වෙන් කොට තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය .
2025 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
"එමෙන්ම විශ්ව විද්‍යාල පද්ධතිය තුල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 135,000 ක් මේ වන විටත් වෙන්කර තිබෙනවා.
• පෙර පාසල් ළමුන්ගේ පෝෂණය
පෙර පාසල් උදෑසන ආහාරවේල සැපයීමේ වැඩසටහන යටතේ එක් ආහාර වේලකට කරනු ලබන ගෙවීම රුපියල් 60 සිට රුපියල් 100 දක්වා වැඩි කිරීමට අප යෝජනා කරනවා. මේ සඳහා 2025 අයවැය ඇස්තමේන්තු තුළින් රුපියල් මිලියන 1,000 ක් දැනටමත් වෙන්කර තිබෙනවා. තෝරාගත් මුල් ළමාවිය අධ්‍යාපන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80 ක් වෙන් කර තිබෙනවා.
තවද, පෙර පාසල් ගුරුවරුන් මානව සම්පත් සංවර්ධනයේ ප්‍රධාන පාර්ශවයක් ලෙස හඳුනා ගනිමින්, පෙර පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහල නැංවීමට සහ ඔවුන්ගේ සේවය ඇගයීම සඳහා ඔවුන්ට දැනට ලබාදෙන දීමනාව මේ වසරේ ජූනි මාසයේ සිට තවත් රුපියල් 1,000 කින් වැඩි කිරීමට අප යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
• පාසල් අධ්‍යාපනය නව්‍යකරණය කිරීම
පදිංචි ස්ථානයේ සිට කිලෝමීටර් 3 ක අරයකින් යුත් ප්‍රදේශය තුළ ප්‍රාථමික පාසලක් සංවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය වෙනවා. මේ වන විට, දීපව්‍යාප්තව රජයේ පාසල් 10,126 ක් තිබෙනවා. ඉන් 3,946 ක් පමණ ප්‍රාථමික පාසල් වන අතර මෙම පාසල්වලට දළ වශයෙන් ළමුන් 634,094 ක් ඇතුළත් වී තිබෙනවා. මේවායින් 100 ට අඩු සිසුන් සිටින පාසල් 3,000 කට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඉන් පාසල් 1,471ක සිටින්නේ සිසුන් 50 ට අඩු සංඛ්‍යාවකි. මෙම පාසල් බොහොමයක් ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇත. මෙමගින් පාසල් අතර විශාල විෂමතාවයක් ඇති වී තිබෙනවා. මෙම විෂමතාවය නිසා බහුතර සිසුන් සංඛ්‍යාවකට අසාධාරණයක් සිදු වෙනවා. මේ නිසා, පවතින පාසල් පද්ධතිය සමාලෝචනය කොට, යලි ස්ථානගත කිරීමට අවශ්‍ය ජාතික සැලැස්ම සකස් කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
• ශිෂ්‍යාධාර
i. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සුදුසුකම්ලත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට රුපියල් 1,500 දක්වා වැඩි කරනවා. මේ සඳහා රුපියල් මිලියන 1,000 ක මුදලක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
ii. ක්‍රීඩා පාසල්වල සිසුන්ට ලබාදෙන මාසික පෝෂ්‍යදායී ආහාර දීමනාව රුපියල් 5,000 සිටරුපියල් 10,000 දක්වා වැඩි කිරීමට අප යෝජනා කරනවා. මේ සඳහා 2025 අයවැයෙන් දැනටමත් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
iii. වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා මාසික දීමනාව රුපියල් 4,000 සිට රුපියල්5,000 දක්වා වැඩි කිරීමට අප යෝජනා කරනවා. මේ සඳහා 2025 අයවැයෙන් දැනටමත් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, අමතරව තවත් රුපියල් මිලියන 200 ක් වෙන් කරනවා.
iv. විශ්වවිද්‍යාල සිසුන් සඳහා ගෙවනු ලබන මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම රුපියල් 5,000 සිට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමටත්, ශිෂ්‍යාධාර දීමනා රුපියල් 4,000 සිට රුපියල්6,500 දක්වා වැඩි කිරීමටත් අප යෝජනා කරනවා. මේ සඳහා රුපියල් මිලියන 4,600 ක මුදලක් 2025 අයවැයෙන් දැනටමත් වෙන් කර තිබෙනවා.
මේ සියළු දීමනා ගෙවීම් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වෙනවා.
• උසස් ශ්‍රේණිගත විශ්ව විද්‍යාලයක උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය
අ. පො. ස. උසස් පෙළ විභාගයෙහි කැපී පෙනෙන දක්‍ෂතා පෙන්වන සිසුන්ට ඉහළ පෙළේ ජාත්‍යන්තරවිශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනැමීමටත්, ඔවුන් ලබාගත් දැනුම සහ කුසලතා රටෙහි සංවර්ධනයට යොදා ගැනීම සඳහා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් වැඩසටහනක්ඇති කරනවා. 2025 වසරේ දී මෙම වැඩසටහන ආරම්භ කිරීමට රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
• ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීම
පළාත් පහක විශේෂිත ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීමට අප යෝජනා කරනවා. බස්නාහිර, උතුර, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත් මේ සඳහා තෝරා ගනු ලබනවා. එම පළාත්වල ක්‍රීඩා පාසල් සංවර්ධනයට රුපියල් මිලියන 500 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.
• යාපනය සහ අනෙකුත් ප්‍රාදේශීය පුස්තකාල වැඩිදියුණු කිරීම
යාපනයේ සහ අවට දූපත්වල පාසල් සිසුන් ඇතුළු පාඨකයන් විශාල පිරිසක් යාපනය පුස්තකාලය භාවිතා කරනවා. නමුත් මෙම පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා යටිතල පහසුකම් ප්‍රමාණවත් ලෙස සංවර්ධනය කර නැහැ. එම නිසා මෙම පුස්තකාලයට පරිගණක ඇතුළු අත්‍යාවශ්‍ය පහසුකම් ලබාදීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. ඊට අමතරව, අනෙකුත් ප්‍රාදේශීය පුස්තකාල සංවර්ධනය සඳහා මෙම අයවැය යටතේ තවත් රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා."