Tuesday, May 13, 2025
Follow Us
මහරගම සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්න උපදෙස්

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මින්පසු ස්ථිර සහ දෛනික සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන ලෙස මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබාදී ඇත.

අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් දෙනු ලැබූයේ ඊයේ (20) මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවස්ථාවේදීය.
ඊට අමතරව සංගීත සන්දර්ශන, කානිවල් සහ විවිධ කාරණා හේතුවෙන් දෛනිකව නිකුත් කෙරෙන සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.