බොරතෙල් මෙට්ට්‍රික් ටොන් 90,000 ක් රැගත් තවත් නෞකාවක් ඉකුත් 14 වනදා මෙරටට පැමිණ තිබෙනවා. ඒ අනුව කිසිඳු ගැටළුවකින් තොරව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු පවත්වාගෙන යා හැකි බවයි බලශක්ති අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
තෙල් පිරිපහදුව උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන්නේ නම් දෛනිකව අවශ්‍ය වන බොරතෙල් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 5,500 ක්. මෙලෙස උපරිම ධාරිතාවයෙන් පිරිපහදුවේ කටයුතු සිදුවන්නේ නම් බොරතෙල් නෞකා 02 ක් මාසයක කාලයක් සදහා අවශ්‍ය වනවා.
එහෙත් පවතින ඩොලර් අර්බුදය හමුවේ එලෙස සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව බොරතෙල් මෙටි්‍රක් ටොන් 3,500 ක සාමාන්‍ය ධාරිතාවකිනුයි මේ වනවිට ක්‍රියාත්මක වන්නේ.
ඒ අනුව සපුගස්කන්ද පිරිපහදුවෙන් දෛනිකව නිකුත් වන පෙට්‍රල් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 300 ත් 350 ත් අතර වනවා. පිරිපහදුවෙන් මේ වනවිට දෛනිකව නිකුත් කරන ඩීසල් ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 700 ත් 900 ත් අතර ප්‍රමාණයක්. එම ප්‍රමාණය මෙරට දෛනික අවශ්‍යතාවයෙන් සියයට 10 ක් පමණයි. මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 3,500 ක්. ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4,000 ත් 4,500 ත් අතර ප්‍රමාණයක් මෙරටට දෛනිකව අවශ්‍ය වනවා. එහෙත් විදුලිබල නිෂ්පාදනය සදහා ද ඩීසල් ලබාදෙන්නේ නම් මෙරට දෛනික ඩීසල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 6,000 ක් පමණ දක්වා ඉහළ යනවා.
මේ අතර ඩීසල් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 37, 000ක් රැගත් නෞකා දෙකක් හෙට සහ අනිද්දා මෙරටට ළගාවීමට නියමිතයි.
(Neth)