මිල්කෝ ආයතනය හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ. එහි නව මිල රුපියල් 470 ක්.
කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් ද රුපියල් 225කින් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. මිල සංශෝධනය කිරීමෙන් අනතුරුව කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 1,170කටයි.
මිල වැඩි කළද තවමත් බොහෝ ප්‍රදේශවලට ආනයනික කිරිපිටි ප්‍රමාණවත් පරිදි ලැබී නොමැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ. ඉදිරි දින කිහිපයේදී අවශ්‍ය පරිදි කිරිපිටි තොග වෙළඳසැලි වෙත බෙදා හැරෙන බව ආනයනික කිරිපිටි සමාගම් පැවසුවා.
(Neth)