Thursday, September 25, 2025
Follow Us
ලොකු ලූණු – අර්තාපල් – සීනි මිල ඉහළට

ඉහළ ගිය බඩු මිල මෙන්න


සීනි,ලොකු ලූණු සහ අර්තාපල් මිල ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් වෙළෙඳපොල තුළ සීනි හිඟයක් ඇති වී තිබෙන බව වෙළෙන්දෝ පවසති.

ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 150 – 160 ත් අතර වීම නිසා මේ වන විට ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලංකා අර්තාපල් කිලෝවක කොළඹ තොග මිල රුපියල් 130 – 140 ත් අතර වීමත් සමඟ සිල්ලර මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇත.

රට අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 110 – 115 ත් අතර පැවති බැවින් කිලෝවක සිල්ලර මිල රුපියල් 160 – 180 ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙළෙන්දෝ වැඩිදුරටත් පවසති.

(Aruna)