Thursday, September 25, 2025
Follow Us
උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ පත්වීම ගැන සැකයක්

ඉන්දියාවේ බලපෑම මත උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා පත් කර ඇති බවට සැක මතුවන බව දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පැවසුවේ ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයෙකු ආණ්ඩුකාර ධුරය සදහා පත් කිරීමෙන් ඉදිරියේදී ගැටළු ඇති විය හැකි බවයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් පසු මේ හරහා දකුණේ දේශපාලනයට ද බලපෑම් එල්ල විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

ජීවන් ත්‍යාගරාජා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස මීට පෙර කටයුතු කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කළ ජීවන් ත්‍යාගරාජා ඉකුත් 11 වනදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

(Neth)