Sunday, July 06, 2025
Follow Us
කඨින පෙරහැර 50 කට සීමා කරයි

මෙවර කඨින චීවර පිංකම් සඳහා ද සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කඨින පෙරහැර සංවිධානය කිරීමේදී උපරිම 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පමණක් එක්කර ගත යුතු බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම පැවසුවේ. කඨින චීවර පූජාව සහ දහවල් දානමය පිංකම උපරිම 50 දෙනෙකුගේ සභාගීත්වයෙන් පැවැත්විය යුතුයි.

කඨිනානිසංස ධර්ම දේශනය ද උපරිම 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ යුතු බව ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළා.

කඨින චීවර පූජාවට අදාළ සියලු කටයුතු ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව සිදුකළ යුතු බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)