කොළඹ වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීම සදහා එම කිරිපිටි ආනයනය කළ ආයතනයට ගෙවිය යුතු මාස 3ක මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය සදහන් කළේ එම මුදල් අද දිනයේදී නිකුත් කළහොත් අනිද්දා වන විට කොළඹ වරායේ සිරවී තිබෙන කිරිපිටි තොග නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බවයි.
සාමාන්‍යයෙන් සතියකට කිරිපිටි ටොන් 1750 ක් මෙරටට ආනයනය කර වෙළෙදපොළට නිකුත් කෙරෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
කෙසේවෙතත් අදාළ කිරිපිටි සමාගම්වලට මාස 3ක ගෙවීම් සිදු කර නොමැති බැවින් සැප්තැම්බර් මාසයේදි එක් ඇනවුමක් හෝ වෙළෙදපොළට නිකුත් කර නොමැති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ.
(Neth)