Thursday, September 25, 2025
Follow Us
අවම බස් ගාස්තුව වැඩිවෙයි

බස් ගාස්තු වැඩිකර ගැනීමට වෘත්තීය අරගලයක්


බස් කර්මාන්තයේ සියලුම වියදම් ඉහළ යාම සැලකිල්ලට ගෙන බස් ගාස්තු ඉහළ අගයකින් වැඩිකර ගැනීමේ වෘත්තීය අරගලයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පෙරේදා(02) පැවසීය.

ටයර්, බැටරි, ඉන්ධන, ඔයිල්, අමතර කොටස් හා සේවා ගාස්තුවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම සංගමයේ විධායක සභාව පෙරේදා (02) රාත්‍රියේ රැස්වී මෙම තීරණය ගෙන ඇත.

සිය ඉල්ලීම් අනිද්දා (07) නිල වශයෙන් රජයට ඉදිරිපත් කරන බවත් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේය. රුපියල් 14කට ඇති අවම බස් ගාස්තුව රුපියල් 25ක් වශයෙන් වැඩි කිරීමට මෙම සංගමය යෝජනා කර සිටියි.

(Aruna)