Thursday, September 25, 2025
Follow Us
පූජිත්ට හේමසිරිට අධිචෝදනා 855 ක් යටතේ නඩු

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම්වරයා වූ හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ එවකට පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබෙනවා. ඒ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදීයි.

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳි, මොහමඩ් ඉර්සදීන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම නඩුව කැඳවා තිබිණි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනාට චෝදනා 855 ක් යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබේ.

(LNW)