Thursday, September 25, 2025
Follow Us
උතුරේ හිස ඔසවන භීෂණය ගැන ආරක්ෂක ප්‍රධානීනන්ට දැනුම් දීමක්

භීෂණය පතුරුවන්නන් ගැන තොරතුරු ලබා දෙන්න දුරකතන අංක දෙකක්


යාපනයේ තැනින් තැන වර්ධනය වෙමින් පවතින අපරාධ හා ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්.චාර්ල්ස් ඊයේ (30) සියලුම ආරක්ෂක අංශ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

යාපනයේ බොහෝ ස්ථානවල විවිධ ආකාරයේ අපරාධ හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුවන බව පෙන්වා දෙන ආණ්ඩුකාරවරිය ඒ පිළිබඳ තමන් දැඩි කනස්සල්ලෙන් සිටින බවද ප්‍රකාශ කළාය.

යාපනයේ දී අපරාධ සිදු කරන කොටස් පලා ගොස් දකුණේ සැඟවී සිටින බවත් මෑතකදී එවැනි පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පෙනී යන්නේ මේ අපරාධ සංවිධානාත්මක ජාලයක් මගින් සිදු කරන බවත් බව ආණ්ඩුකාරවරිය කියයි.

මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජනතා සහය පතන ඇය තොරතුරු ලබා දීම සඳහා දුරකතන අංක දෙකක්ද ප්‍රසිද්ධියට පත් කරයි. ඒව නම් 0777229338, 0768095139 යි.

(Aruna)