Thursday, September 25, 2025
Follow Us
2030 වන විට ලංකාවේ ජනගහනයේ සිදුවන වෙනස

2012 සමීක්ෂණ වාර්තා වලට අනුව හෙළිවූ දේ


2030 වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 20% ක් පමණ වනු ඇතැයි සමාජ සේවා අධ්‍යක්ෂ ජනරාල් හා වැඩිහිටියන් සඳහා වන ජාතික සභාවේ සමාජික චන්දන රණවීර ආරච්චි පවසයි.

දැනට වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් මිලියන තුනකට අධික ප්‍රමාණයක් මෙරට ජීවත් වේ. 2012 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණ වාර්තා වලට අනුව ඒ වන විට වැඩිහිටි ජනගහනය මිලියන 2.5 ක පමණ වූ බවත්ය. එය 12% ප්‍රතිශතයකි.

වැඩිහිටි මහලේකම් කාර්යාලය හරහා ආරම්භ වූ වැඩිහිටියන් සඳහා වන ජාතික සභාව මගින් මේ වන විට වැඩිහිටියන් වෙනුවෙන් විශාල සමාජසේවා කාර්යන් සිදුවේ.
ඒ අනුව වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව හා ප්‍රවර්ධන කිරීම, වැඩිහිටියන් මුහුණ දෙන ගැටලු හා ප්‍රශ්න හඳුනාගෙන විසඳුම් සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම, දැනුම හා කුසලතා හඳුනාගෙන සමාජ සංවර්ධනය ඇති කිරීම, සෞඛ්‍ය සම්පන්න දිවියක් සඳහා උපදෙස් ලබා දීම, අඩු ආදායම්ලාභී වැඩිහිටියන් වෙනුවෙන් ආරක්ෂණ ක්‍රමයක් ඇති කිරීම සිදු කරයි.

(Aruna)