ඊයේ (30) දිනයේ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 912ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් සියලු දෙනාම අලුත් අවුරුදු පොකුරෙන් හඳුනාගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 517377ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 59ක් වන අතර ඒ සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12906ක් දක්වා ඉහළ ගොස් ඇත.
(LNW)