Thursday, September 25, 2025
Follow Us
ඩොලර් නැති නිසා වරායේ ඇති කිරිපිටි ආපසු හරවා යැවීමේ සූදානමක්

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වන පසුබිමක එම කිරිපිටි තොග වෙනත් රටකට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා කර ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

එහි ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පැවසුවේ කිරිපිටි කිලෝ තුන් ලක්‍ෂ 60,000 ක් නිදහස් කර ගැනීමට රජය මේ දක්වා වානිජ බැංකුවලට ඩොලර් නිදහස් කර නොමැති බවයි.

වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු කන්ටේනර් 800 ක් වහා මුදාහරින්නැයි අග්‍රාමාත්‍යවරයා ඉකුත්දා නිවේදනය කළා. ඒ සදහා ඩොලර් මිලියන 50 ක් රාජ්‍ය බැංකු දෙකකට මුදාහැරි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.

(Neth)