Thursday, September 25, 2025
Follow Us
සහල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි අනුමානයක්

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමත් සමඟ තවදුරටත් සහල් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් ගොවීන් වී අලෙවි නොකරන තත්ත්වයක් උද්ගතව ඇති බව සුලු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් වැඩි මිලට වී මිලදී ගැනීම හේතුවෙන් එම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මරදගහමුල සමස්ථ ලංකා සුලු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී කේ රංජිත්.

ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් මුදිත් පෙරේරා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

සමස්ථ වී සහ සහල් වෙළදපොලේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ගොස් ඇති බවද ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මතුව ඇති ගැටලුකාරී තත්ත්වයට හේතුවී ඇති කරුණු පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

කෙසේවෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ ප්‍රකාශ කළේ වී මිල තීරණය කරනු ලබන්නේ රජය විසින් බවයි.

සහල් සදහා පැවති පාලන මිල ඉවත් කිරීමත් සමග මහා පරිමාණ මෝල් හිමියන් ගොවීන්ගෙන් වී මිලදී ගන්නා මිල ගණන් සහ සහල් සිල්ලරට අළෙවි කළ හැකි මිල ගණන් ඉකුත්දා ප්‍රකාශයට පත් කළා.

ඒ සමඟම එතෙක් වෙළදපොලේ හිඟ වී තිබූ සහල් තොග ඊයේ වනවිටත් වෙළදපොලට ලැබී ඇති අයුරු දැකගත හැකි වුණා.

ඒ අනුව දැන් වෙළද පොලේ සහල් අළෙවි වන්නේ මහා පරිමාණ මෝල් හිමියන් ප්‍රකාශයට පත් කළ මිළ ගණන්වලටයි.

(Neth)