රට විවෘත කිරීමෙන් පසු පස්වන කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා නිසි පරිදි කළමනාකරණය කිරීම වඩාත් වැදගත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් පැවසුවේ ඒ සඳහා අදාළ අංශ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනවීම වැනි ක්‍රියාවන්ට වඩා සමාජ ශාලා වැනි ස්ථාන වසා තැබීම යෝග්‍ය වන බවයි මෙහිදී පෙන්වා දුන්නේ.
විදේශීය සංචාරකයින්ට රට විවෘත කිරීම ප්‍රවේසම් සහගතව සිදුකළ යුතු බවද වෛද්‍ය නලින්ද හේරත් වැඩිදුරටත් සඳහන් කළා.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන දේශීය හා විදේශීය පුද්ගලයින් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් මේ වනවිටත් නිකුත් කර ඇති අතර එය එළඹෙන ඔක්තෝබර් 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා බලපැවැත්වෙනු ඇති.
(Neth)