Thursday, September 25, 2025
Follow Us
හෙට රට ඇරියත් දුම්රිය දුවන්න සැලැස්මක් නැහැ

දුම්රිය ධාවනය කළ නොහැකි තත්ත්වයේ ගැටලු රාශියක්


හෙට (01 වැනිදා) සිට දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සූදානම් කර ඇත්තේ කිසිදු සැලැස්මක් නැතිව බවත්, දුම්රිය ධාවනය කළ නොහැකි තත්ත්වයේ ගැටලු රාශියක් පවතින බවත් දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසීය.

බොහෝ දුම්රිය මාර්ග වල්වැදී තිබෙන නමුත් එම මාර්ග පිළිසකර කිරීමට මේ තාක් කිසිදු පියවරක් ගෙන නොමැත. දුම්රිය පීලි ද ධාවනය කිරීමට තරම් ආරක්ෂිත තත්ත්වයක් නොපවතින බවද කඩිනමින් මෙම ගැටලු නිරාකරණය කළ යුතුව ඇතැයි ද හෙතෙම කීවේය.

දුම්රිය ධාවනය නැවත ක්‍රියාත්මක කිරීමට ප්‍රථම මාර්ගවල තත්ත්වය පරීක්ෂා කිරීම වැදගත්ව ඇතත් දුම්රිය බලධාරීන් එම වගකීම නිසි පරිදි ඉටුකර නැතැයි ලේකම්වරයා කියයි.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය හෙට (01 වැනිදා) අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතව ඇත.

(Aruna)