Thursday, September 25, 2025
Follow Us
ලංකාවේ කොවිඩ් ව්‍යාප්තියේ අලුත්ම තත්ත්වය

ආචාර්ය චන්දිම ජීවන්දර කියන කතාව


කොවිඩ් වසංගතයේ දරුණුතම අවධිය අවසන් වී ඇතැයි අනුමාන කළ හැකි බව එක්සත් ජනපද පර්යේෂකයන් උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ආචාර්ය ජීවන්දර පවසා ඇත්තේ එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වෙත උපදෙස් ලබාදෙන පර්‌යේෂකයන්ගේ එකතුවක් මගින් දක්වා ඇති දත්තවලට අනුව වසංගතයේ නරකම අදියර අවසන් වී ඇති බවට උපකල්පනය කළ හැකි බවයි.

ඉදිරි මාස හය ඇතුළත වසංගතයේ ගමන් පථය ප්‍රක්ෂේපණය කිරීම සඳහා මෙම පර්‌යේෂකයන් විවිධ ගණිතමය ආකෘති නවයක් ඒකාබද්ධ කරගෙන ඇත. ඔවුන් සිය ප්‍රතිඵල සැප්තැම්බර් 22 වැනිදා අන්තර්ජාලයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මේ පිළිබඳව අදහස් පළකරන අදාළ අධ්‍යයනයට එක්වූ පෙන් ප්‍රාන්තයේ ජීව විද්‍යා මහාචාර්ය කැත්‍රියානා ෂියා සඳහන් කර ඇත්තේ එන්නත ලබා ගැනීමෙන් සෑම කෙනකුටම වසංගතය අවසන් කිරීමේ කාර්යභාරයක් කළ හැකි බවයි.

“පෞද්ගලික මට්ටමින් ඔබ සැම එන්නත ලබා ගත්තොත් ඔබට සහ ඔබේ දරුවාට ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩු වේ” යනුවෙන් ඇය සරලව වසංගතය පාලනය කිරීමේ ජනතා වගකීම පෙන්වාදී ඇත.

(Aruna)