Thursday, September 25, 2025
Follow Us
සහල් ආනයනය කිරීමේ තීරණය නිලධාරීන් පිරිසකගේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්දැයි පාර්ශව කිහිපයක් සැකයෙන්

සහල් ආනයනයට ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස පාර්ශව රැසක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ රට තුළ සහල් අර්බුදයක් නිර්මාණය කළේ සහල් ආනයනය මගින් වාසි ලබාගැනීමට බලා සිටින නිලධාරීන් කිහිපදෙනෙකුදැයි සැක මතුවන බවයි.

ආරක්ෂිත තොගයක් ලෙස සහල් ආනයනය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ද විරෝධය පළ කරනවා.

එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ රට තුළ විශාල අතිරික්ත වී තොගයක් පවතින බවයි.

රට තුළ පවතින වී තොග කළමනාකරණය කර සහල් මිල පාලනය කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

(Neth)