Thursday, September 25, 2025
Follow Us
ආසාදිතයින් අඩු වුනත් අවදානම අඩුවෙලා නෑ

දෛිනකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් අඩුවෙයි


මේ වන විට දෛනිකව මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන දහසකට අඩු සංඛ්‍යාවක් වාර්තා වන තත්ත්වයට පත්ව ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව රතු කලාපයෙන් ද ඉවත්ව තිබේ.

කෙසේ වෙතත් කොවිඩ් අවදානම කිසිසේතම පහව ගොස් නොමැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

එම නිසා ජනතාව නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාමත් වැදගත් බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 983දෙනෙකු හදුනා ගැනුණු අතර, එම ආසාදිතයින් සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 514592ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් ආසාදිතයින් 46517දෙනෙකු රෝහල්වල සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් මරණ 51ක් වාර්තා වූ අතර මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12751ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)