මහා පරිමාන මෝල් හිමියෝ හාල් මිල පාලනය අතට ගනී
සහල් වර්ග තුනක් සදහා නව සිල්ලර මිල නිවේදනය කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පියවරගෙන තිබේ.
එහි සභාපති ඩඩ්ලි සිරිසේන මහතා පැවැසුවේ නාඩු, සම්බා සහ කීරි සම්බා මිල වැඩිකිරීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව කීරි සම්බා කිලෝවක් රුපියල් 165කට, සම්බා සහල් කිලෝවක් රුපියල් 140කට සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 115කට අලෙවි කිරීමට මිල තීරණය කර ඇත.
එමෙන්ම ඉදිරියේදී නාඩු වී කිලෝවක් රුපියල් 62.50කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 70ක ටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 80 කටත් මිලදී ගැනීමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
(Aruna)