Wednesday, September 24, 2025
Follow Us
වාහන ආනයනයට අවසර ලැබුණත් මිල 60% කින් පමණ ඉහළ යන බවට පුරෝකථනයක්

වාහන ආනයනයේදී පැනවෙන බදු අමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට එකගවන පුද්ගලයින්ට වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන ලෙස යෝජනා කළේ සිය සංගමය බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

වාහන ආනයනයේදී පැනවෙන බදු අමෙරිකානු ඩොලර්වලින් ගෙවීමට එකගවන පුද්ගලයින්ට වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ ප්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයෛ් සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසුවේ එවැනි යෝජනා සලකා බලන බව බලධාරීන් පැවසුවද පසුව ඒවා ක්‍රියාත්මක නොකරන බවයි.

යළි වාහන ආනයනය ආරම්භ කළ පසු වාහන මිල ගණන් සියයට 60 ත් 70 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

(Neth)