Wednesday, September 24, 2025
Follow Us
මාස දෙකහමාරකට පසු දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නැවතත් 900 මට්ටමට බසී

ඊයේ (27) දිනය තුළ මෙරටින් හඳූනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 983ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියලු දෙනාම අලුත් අවුරුදු පොකුරෙන් හඳුනාගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙසේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 900 මට්ටම කරා යළි පහළට පැමිණියේ මාස දෙකහමාරක පමණ කාලයකට පසුය.

දැනට රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46517ක් වන අතර මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 514592ක් වේ.

(LNW)