Wednesday, September 24, 2025
Follow Us
කටුනායක PCR  පරීක්ෂණවලට ගුවන් මගීන් තවමත් පැය ගණනක් පෝළිම්වල

ගුවන් මගීන් සඳහා කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු PCR පරීක්ෂණාගාරයේ තාක්ෂණික කටයුතු සකසා අවසන්වීමටත් පෙර එය විවෘත කර ඇති බවට නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වනවා.

එය විවෘත කර තිබුණේ ඉකුත් 25 වනදායි.

කෙසේවෙතත් ඉකුත් දින දෙකේදී එම පරීක්ෂණාගාරයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් PCR පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදයන් ද සිදුවුණා.

මේ හේතුවෙන් ගුවන් මගීන් රැසක් පීඩාවට පත්ව සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ස්ථාපිත කළ ඡක්‍ඍ පරීක්ෂණ සිදුකළ හැකි පහුසකම් සහිත රසායනාගාරයක් ද මේවනවිට පවතිනවා.

එහි PCR පරීක්ෂණ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

එම රසායනාගාරය තුළ දිනකට PCR පරීක්ෂණ 2,500 ක් පමණ සිදුකිරීමට ප්‍රමාණවත් පරිදි පහසුකම් පවතිනවා.

එම PCR පරීක්ෂණ සිදු කෙරෙන්නේ නොමිලේ වීම විශේෂත්වයක්.

කෙසේවෙතත් කටුනායක ගුවන් තොටුපළේ අළුතින් ස්ථාපිත කෙරුණු PCR පරීක්ෂණාගාරයේ තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන් මගීන්ට සිය PCR පරීක්ෂණ වාර්තා නිකුත් වන තුරු පැය ගණනාවක් බලාසිටීමට සිදුව තිබෙනවා.

පැය 03 කින් PCR පරීක්ෂණ වාර්තා නිකුත් කරන බව බලධාරීන් ප්‍රකාශ කළ ද, ඇතැම් ගුවන් මගීන්ට පැය 15 ක පමණ කාලයක් ගුවන් තොටුපළ තුළ රැඳී සිටීමට සිදුව තිබෙනවා.

කෙසේවෙතත් මෙම නව PCR පරීක්ෂණාගාර පරිශ්‍රය තුළ පහසුකම් ද අවම බවයි එහි සිට නෙත් නිවුස් ඇමතූ ගුවන් මගියෙකු සඳහන් කළේ.

(NEth)